රටින් පැන සැගව සිටි සී.අයි.එෆ්.එල් හිටපු ලොක්කා රිමාන්ඩ්.

රටින් පැන සැගව සිටි සී.අයි.එෆ්.එල් හිටපු ලොක්කා රිමාන්ඩ්.

තැන්පත්කරුවන්ගේ රුපියල් මිලියන 800ක මුදලක් පෞද්ගලික පරිහරණයට ගත බව කියන සිද්ධියට අදාළ රටින් පැනගොස් සැගවසිටි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ හිටපු සභාපති ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත. More »

මහා බැංකු අධිපති සහ බෑනා ගැන අධිකරණ නියෝගය අද.

මහා බැංකු අධිපති සහ බෑනා ගැන අධිකරණ නියෝගය අද.

භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී රුපියල් බිලියන 20ක් වංචා කර සාවද්‍ය පරිහරණය කරන ලදැයි මහා බැංකු අධිපති අරජුන මහේන්ද්‍රන් සහ ඔහුගේ බැනනුවන්ට ඊයේ ගොනුකළ පැමිණිල්ලක් සලකා බැලු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා විත්ති More »

GSP ලැබුණු වහාම ඇගලුම් ක්ෂේත්‍රයේ වැටුප් ඉහලට.

GSP ලැබුණු වහාම ඇගලුම් ක්ෂේත්‍රයේ වැටුප් ඉහලට.

GSP + සහනය ලැබුණු වහාම සියලු සේවකයන්ගේ වැටුප දැනෙන ප්‍රමාණයකින් ඉහල නැංවීමට ඇගලුම් අපනයන කරුවෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඊයේ එකගතාවය පළකර සිටියහ. More »

ඡන්ද නීති කැඩූ නාරා ලොක්කෝ තිදෙනෙක් ඉවතට.

ඡන්ද නීති කැඩූ නාරා ලොක්කෝ තිදෙනෙක් ඉවතට.

මැතිවරණ නීති රීති උල්ලංගනය කරමින් අයතා ලෙස පත්වීම් ලබාදුන් බවට චෝදනා ලබා සිටින නාරා ආයතනයේ ඉහලම නිලධාරින් තිදෙනෙක් තනතුරු වලින් ඉවත් කරන්නයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නියම කර තිබේ. More »

 

ලොව සරාගිතම චිත්‍රපට 05

Untitled-2

ලෝක ප්‍රකට ශෘංගාරාත්මක චිත්‍රපට කිහිපයක් පිලිබඳ ඔබේ අවධානය යොමු කරවන්න මෙවර අපි කල්පනා කළා. මතක තබා ගත යුතු වැදගත්ම කරුණ වන්නේ මේවා වැඩිහිටියන්ට වඩාත් සුදුසු කාණ්ඩයට වැටුනත්  නිල් චිත්‍රපට (porn) නෙවෙයි. මේ සම්මානනීය නළු නිළියන් රංගනයෙන් දායක වී ඇති, එදා මෙදා තුර ලොව පුරා ජනාදරයට පාත්‍ර වූ සම්භාවනීය චිත්‍රපටි. මේවායින් ජීවිතය, ආදරය, ලිංගිකත්වය, මිනිස් හැඟීම් ආදී දෑ පිලිබඳව බොහෝ දේ ඉගෙන ගත හැකියි. 

1. Sex and Lucia 

  • මෙම චිත්‍රපටය 2001 වසරේදී තිරගත විය. IMDB දර්ශකයේ 7.2/10 ක අගයක් හිමි කරගෙන ඇත.

2. Betty Blue

  • 1986 වසරේදී තිරගත වුණ මෙම චිත්‍රපටයේ IMDB දර්ශක අගය 7.4/10 වේ.

3.Damage

  • මෙය 1992 වසරේදී තිරගත විය. IMDB දර්ශක අගය 6.9/10 කි.

4. Bitter Moon

  • 1992 වසරේදී තිරගත වුණා මෙහි IMDB දර්ශක අගය 7.1/10 කි

5. Last Tango in Paris

  • IMDB දර්ශකයේ 7.2/10 අගයක් තියෙන මෙය තිරගත වූවේ 1972 වසරේදී.

නිරූපණ ක්ෂේත්‍රයට පිවිස ගායිකාවක ලෙස කටයුතු කරන නෙතලි දිසානායකය

Untitled-1

2015 සිරස කුමරිය ඔස්සේ නිරූපණ ක්ෂේත්‍රයට පිවිස මේ වනවිට ගායිකාවක ලෙස කටයුතු කරන ඇය නමින් නෙතලි දිසානායකය. ඇයගේ කලා කටයුතු පිළිබඳව  අපත් සමගින් ඇය මෙලෙසින් අදහස් දැක්වූවාය.

ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළොත්?

මම නෙතලි දිසානායක. මට වාසනාව ලැබුනා 2015 සිරස කුමරිය බවට පත්වෙන්න. මගෙ ගම මාතර. මම පාසල් ගියේ මාතර ශාන්ත මරියා කන්‍යාරාමයට. මම උසස් පෙළ හැදෑරුවේ 2014 වසරේ කලා විෂය ධාරාවෙන්. මම දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධියක් හදාරමින් සිටිනවා.

ඔබ නිරූපිකාවක්ද ගායිකාවක්ද?

මම නිරූපිකාවක් ලෙස කටයුතු කරමින් ඉඳල දැන් ගායිකාවක් ලෙසත් වැඩකටයුතු කරනවා. කෙටියෙන් කියුවොත් නිරූපිකාවක් වගේම ගායිකාවක්.

වෘත්තීයක් වශයෙන් කුමක්ද කරන්නේ?

මම මීට පෙර වෘත්තීයක් විදිහට කළෙ නිරූපණයයි. ඉදිරියට ගායනයත් කරන්න බලාපොරොත්තු වෙනවා වගේම මම එක ටෙලිනාට්‍යකට රංගනයෙන් දායක වුණා.

ගායන පිළිබඳව වැඩිදුරටත් සඳහන් කළොත්?

මම පාසල් යන කාලෙ පද්‍ය ගායනා තරගවලට සහභාගී වෙලා ජයග්‍රහණයක් ලබාගත්තා. මට ගායනයට තියෙන හැකියාව නිසා මට හිතුණා සින්දුවක් කරන්න. දැනට ගීතය නිකුත් කරල දින කිහිපයයි වෙන්නෙ මේ වෙනකොට හොද ප්‍රතිචාර ලැබෙනවා.

නිරූපණ එකතු වෙන්නේ කොහොමද?

මගෙ නැන්ද තමා සිරස කුමරි තරගයට අයදුම් පතක් දාන්නේ. නැන්දගෙ ඉල්ලීම උඩ මම මේ තරගයට සහභාගී වුණා. හිතුවෙවත් නැති විදිහට මම තරගයෙ ලොකු දුරක් ඇවිල්ල ජයග්‍රහණය කළා ඉන්පසුව තමා මම නිරූපණයට එන්නේ.

ඊළඟ කරන කාර්යය කුමක්ද?

මම ඉදිරියට ගොඩාක් අසාවෙන් ඉනවා නිවේදිකාවක් ලෙස කටයුතු කරන්න. මම නිරූපණය කරන්නෙ මනමාලියන් විදිහට. ඒ වගේමයි අපේ රටට ගැළපෙන ආකාරයට සැරසුණු මෝස්තරවලින් පමණයි ඒ වැඩ කටයුතුත් ඉදිරියට කරනවා. මගේ මීළඟ ගීතයත් තව මාස තුනකින් පමණ නිකුත් කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ හැමදෙයක් එක්කම මගෙ අධ්‍යාපන කටයුතුත් සමබරව කරන්න බලාපොරොත්තු වෙනවා.

අතහිත දුන් පිරිස ගැන කිව්වොත්?

මගේ අම්මා, තාත්තා තමා මගෙ ළඟින්ම හිටියෙ විශේෂයෙන් මතක් කරන්න ඔන මගෙ අම්ම තමා මම තරගයට සහභාගී වුණ කාලෙ මගෙ ළඟින්ම හිටියේ. හැම දවසකම අම්ම මගෙත් එක්ක ආවා. ඒ වගේමයි මගෙ නැන්දත් මතක් කරනව. මගෙ යාලුවොත් මට සහාය වුණා. මේ ගීතයේදී මට සහාය වුණ පිරිස ගැනත් සඳහන් කරන්න ඕන. මේ ගීතයෙ production designer විදිහට කටයුතු කළේ මදුශාන් අයියා. මේ සින්දුවෙ music and melody රවී විදානආරච්චිගේ. රටම එයාව දන්නෙ noise විදිහට. මේ සින්දුවෙ lyrics කළෙ සචිත උදයංග අයියා. තවත් අමිල පණ්ඩුක, දසුන් අයියලා, සයුරි අක්කා ඇතුළු මට උදව් කළ හැමෝම මං මේ අවස්ථාවේදී මතක් කර සිටිනවා.

(සරසවිය පුවත්පත ඇසුරෙනි)

රටින් පැන සැගව සිටි සී.අයි.එෆ්.එල් හිටපු ලොක්කා රිමාන්ඩ්.

තැන්පත්කරුවන්ගේ රුපියල් මිලියන 800ක මුදලක් පෞද්ගලික පරිහරණයට ගත බව කියන සිද්ධියට අදාළ රටින් පැනගොස් සැගවසිටි සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් ආයතනයේ හිටපු සභාපති ලබන 14 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇත.

මහා බැංකු අධිපති සහ බෑනා ගැන අධිකරණ නියෝගය අද.

CB Governor 12 08 2015 3

භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී රුපියල් බිලියන 20ක් වංචා කර සාවද්‍ය පරිහරණය කරන ලදැයි මහා බැංකු අධිපති අරජුන මහේන්ද්‍රන් සහ ඔහුගේ බැනනුවන්ට ඊයේ ගොනුකළ පැමිණිල්ලක් සලකා බැලු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා විත්ති කරුවන් දෙදෙනාට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කරවාද නැද්ද යන්න සම්බන්ධව නියෝගයක් නිකුත් කිරීම අදට (12)කල් තැබිය.

GSP ලැබුණු වහාම ඇගලුම් ක්ෂේත්‍රයේ වැටුප් ඉහලට.

TopLK News1

GSP + සහනය ලැබුණු වහාම සියලු සේවකයන්ගේ වැටුප දැනෙන ප්‍රමාණයකින් ඉහල නැංවීමට ඇගලුම් අපනයන කරුවෝ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ ඊයේ එකගතාවය පළකර සිටියහ.

ඡන්ද නීති කැඩූ නාරා ලොක්කෝ තිදෙනෙක් ඉවතට.

TopLK News

මැතිවරණ නීති රීති උල්ලංගනය කරමින් අයතා ලෙස පත්වීම් ලබාදුන් බවට චෝදනා ලබා සිටින නාරා ආයතනයේ ඉහලම නිලධාරින් තිදෙනෙක් තනතුරු වලින් ඉවත් කරන්නයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා නියම කර තිබේ.